රනිල්ගෙන් ජනපති අනුරට ප්‍රහාරයක්


පාර්ලිමේන්තුව සඳහා තමන් කැමති පුද්ගලයෙකු පත්කර යැවීමේ ජනතාවට ඇති බලය දේශපාලන මණ්ඩලයකට හෝ ටිල්වින් සිල්වා මහත්මාට ලබා දිය නොහැකි බවත් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා පාලනය කරනවා මිස ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව හොර ගුහාවක් ලෙස නම් කිරීමට නොහැකි බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 30 දින පස්වරුවේ දඹුල්ලේදී පැවසීය.

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ප්‍රදේශයේ සංවිධානය කොට තිබූ ජන හමුවක දී ඔහු මේ බව සඳහන් කළේය.

 හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන රෝහණ දිසානායක  රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් හට තමන්  ජේ .ආර්.ජයවර්ධන මහතාගෙන් ඉගෙන ගත් ක්‍රමයක් අනුව පැය විසිහතරක් ඇතුළත රැස්වීමක් සංවිධානය කරන ලෙස උපදෙස් ලබා දුන් බවත් එම උපදෙස නිසි ලෙසය ඔවුන් ඉටු කර ඇතැයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

"තමන්ට අයිතියක් තියෙනවා තමන්ට කැමති කෙනෙකුට ඡන්දය දෙන්න ජනතාව තෝරා ගත යුත්තේ තමන්ගේ ප්‍රදේශයේ දන්න හඳුනන සුදුසු අයෙකු පාර්ලිමේන්තුවට පත්කර යැවීමට. හැබැයි සුදුස්සා තේරීම  වෙනත් කෙනෙකුට පවරාදීම බරපතල ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුව හොර ගුහාවක්ලු. කවුද එතුමාට අයිතිය දුන්නේ හොර ගුහාවක් කියන්න ,ඒ අයට තියෙන්නේ සියයට හතළිස් දෙකයි සියයට පනස් අටක් පාර්ලිමේන්තුවේ විශ්වාසය තියලා තියෙනවා.

දැන් කියනවා කිසිම වරප්‍රසාදයක් වුවමනා නැහැ කියලා. ,මොන  රටේද මෙහෙම කරන්නේ මම හැත්ත හතේ ඉඳලා පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. මන්ත්‍රීවරුන්ට යම් කිසි වේතනයක් තිබිය යුතුයි ,කාර්යාලයට වියදම් දැරිය යුතුයි  වෙනත්  රටවල්වල එම සම්ප්‍රදාය සිද්ධ කරනවා ඇතැම් රටවල ගුවන් බලපත්‍රත් ලබා දෙනවා ප්‍රාන්ත වලට ගමන් කරන්න පුලුවන් නම් අපි උතුරේ නැගෙනහිර අයටයි ගුවන් බලපත්‍රත් ලබාදීම සිදු කරන්න ඕන .

අනික ජනාධිපතිවරුන්ගේ නිවාස ඉවත් කරන්න යනවා ඒක මට ප්‍රශ්නයක් නැහැ, මම ඒ වගේ නිවාසෙක නෙවෙයි ඉන්නේ කොහොමත් ආණ්ඩුවෙ විශාල මුදලක් ඉතුරු කරලා තියෙනවා

 මට දැන් කෝටි හතළිහක කජු කන්නත් බැහැ කෝටි හතලිහක චීස් කන්නත් බැහැ මගේ ආරක්ෂක නිලධාරීන්ගේ  හැර තව කෝටි හතළිහක් ඉතුරු කරගන්න පුළුවන් වුනා.  මම හින්දා ,කෝටි එකසිය විස්සක් ඉතුරු වෙලා තියෙනවා.

මම කියන්නේ මේකයි චන්ද්‍රිකා කුමාරතුංග පන්නන්න්නෙ ඇයි, ඒ ගෙදර ඉන්න දෙන්න. එතුමියගේ ස්වාමිපුරුෂයා ජනතා විමුක්ති පෙරමුණෙන් මැරුවා එතුමියටම බෝම්බ ගහලා ඇහැක් නැති කළා ජනාධිපති හැටියට ඉද්දී එතුමිය මට කිසි දවසක සහයෝගය දීල නැහැ අපි දෙන්නම මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට සහයෝගය දුන්නා.

 එය මනුස්සකමක් එතුමියට මේක ලබා දිය යුතුයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආරක්‍ෂාව උවමනානං ලබාදිය යුතුයි යුද්ධය නවත්තපු කෙනා එයා දැන් ජනප්‍රිය නැති උනාට ආරක්ෂාව ලබාදිය යුතුයි. කාටත් එය සිදු කළ යුතු දෙයක්.දැන් ආණ්ඩුව කරුණාකරලා පඩි වැඩි කරන්න. 



Recommended Articles