රනිල් වික්‍රමසිංහගේ ළමයට මෙතුමන්ලා උප්පැන්නේ දුන්නා වගේ එකක් තමයි පේන්නේ


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වාහන ආනයනය කිරීමට යෙදවූ වැඩ පිළිවෙල තමන් කළාක් මෙන් වත්මන් ආණ්ඩුව හැසිරීමක් පෙනෙන්න තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේපැවැත්වෙන විවාදයේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය. 

"ආණ්ඩුවෙන් ප්‍රශ්නයක් ඇහුවම ඔබතුමන්ලා කියනවා අපිට මාස 10ක්  ළමයි හම්බෙන්න ගත වෙනවා. මාසෙන් දෙකෙන් ළමයි හදන්න බෑ කියලා. ඒත් වාහන ගෙනාපු එකේ මාසෙන් දෙකෙන් ළමයා හදපු හැටි අපිට පොඩ්ඩක් දැනගන්න කැමතියි. මට හිතෙනවා රනිල් වික්‍රමසිංහගේ ළමයට මෙතුමන්ලා උප්පැන්නේ දුන්නා වගේ එකක් තමයි පේන්නේ. මට තියෙන බය මාස 10කින් කොහොමත් බබා හම්බවෙයි යන විදියට. "



Recommended Articles