ශ්රි ලංකාව හා ඉන්දියාව අතර ක්රියාත්මක කිරිමට යෝජිත අර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) ඉදිරියට ගෙන යාමට ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දිය සංචාරයේදි තීරණය කිරිම සම්බන්ධයෙන් හිටපු ජනපති රනිල් වික්රමසිංහ මහතා ජනපති අනුර කුමාර දිසානායක මහතාව අගයා තිබේ.
විශේෂ ප්රකාශයක් කරමින් ඔහු පවසන්නේ මෙම ගිවිසුම ඉදිරියට ගෙන යාමට තිරණය කිරීමත් ත්රිකුණාමලය කලාපයේ බලශක්ති හා කාර්මික කලාපයක් ලෙස සංවර්ධනය කිරිමට කැමැත්ත ප්රකාශ කිරිමත් සම්බන්ධයෙන් තමන් අනුර කුමාර දිසානායක මහතාව අගයන බවයි.
අනුර කුමාර දිසානායක මහතා හා ඉන්දිය අග්රාමාත්යවරයා කළ ඒකාබද්ධ ප්රකාශය පිළිගන්නා බවත් මේ හරහා සබඳතා තවදුරටත් ශක්තිමත් වන බවත් රනිල් වික්රමසිංහ මහතා පවසයි.