රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා


සොරුන් සහ වංචකයින් පලවා හරිමින් පාර්ලිමේන්තුව සුද්ද කිරීමේ තේමා පාඨයෙන් බලයට පැමිණි ජාතික ජන බලවේගයේ කථානායකවරයා ලෙස අග්‍රාමාත්‍යවරියේ යෝජනාවෙන් පත්කර ගෙන ඇත්තේ සිය ආචාර්ය උපාධිය වංචනිකව නිර්මාණය කර ගත් පුද්ගලයෙකු බව සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද (12දා)  අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදීය.එහිදී මන්ත්‍රීවරයා  මෙසේද පැවසීය. 

"රටේ සමස්ත ජනතාවම හා උත්තරීතර පාර්ලිමේන්තුවද රවටමින් මේ රට තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කර තිබෙනවා.

හොරුන්ට දඬුවම් දීමට සහ රට තුල වෙනසක් සිදු කරන බවට පවසමින් බලයට පැමිණි අනුර කුමාර දිසානායක මහතා සිය වාහනේ දොර ඇරගෙන බැසීම සහ ඇමතිවරුන්ට තිබුණු පුටුව මාරු කිරීම පමණක් හැරෙන්නට වෙනත් කිසිවක් ජනතාව වෙනුවෙන් මෙතෙක් කර නැහැ.

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ක්‍රියා කලාපය හේතුවෙන් මීට පෙර පැවතියා සේ මන්ත්‍රීවරුන්ට එළියට බැසීමට නොහැකි තත්ත්වයක් මේ වන විට උදා වෙලා තිබෙනවා.  මෙම හේතුවෙන් නවක මන්ත්‍රීවරුන්ටද  තර්ජනයක් මතු විය හැකියි. 

ගොවියා සහ වන සතුන් අතර සමීප සබඳතාවයක් ඉතිහාසයේ සිටිම පැවතියා, ලාල් කාන්ත මහතා  වන සතුන් සම්බන්ධයෙන් සිදු කරනු ලැබුවේ පාර්ලිමේන්තු වරප්‍රසාද අනුවයි. රජය කටයුතු කළ යුත්තේ ජනතාවත් සතුනුත් පිළිබඳව මධ්‍යස්ථ පිළිවෙතක සිටයි. එවැනි වැඩ පිළිවෙළවල් වලදී සත්ව සංවිධානද සහය දක්විය යුතුයි."



Recommended Articles