රටවල් පහක් ලංකාවට දොර වසයි


ශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යෑම 05/12 දින අලුයම  00.00 පැයේ සිට අත්හිටුවා ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ සාජා ගුවන් තොටුපළ , සිංගප්පූරුව , ඉතාලිය , පිලිපීනය සහ ඕස්ට්‍රේලියාව වෙත ගුවන් මගීන් රැගෙන යෑම 05/12 අලුයම 00.00 පැයේ සිට අත්හිටුවා තිබේ.

එහෙත් එම රටවල සිට තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ගුවන් මගීන්ට පැමිණීමට අවසර හිමි වී  තිබේ.

මෙසේ ගුවන් මගීන් රැගෙන යෑම අත්හිටුවා ඇති රටවල් වෙත තවදුරටත් ගුවන් භාණ්ඩ රැගත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා ශ්‍රී ලංකාවේ සිට පැමිණීමට  අවස්ථාව හිමි වී තිබෙන බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත්  පැවසීය.



Recommended Articles