රටවල් තුනකින් ලාංකිකයන් 307ක් දිවයිනට


මැදපෙරදිග බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (05දා)  අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් යානයෙන් පැමිණි වැඩි පිරිසක් එරට රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් වෙයි.

ඊට අමතරව ඊයේ රාත්‍රී 11.45 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 02 කු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එමෙන්ම කටාර් රාජ්‍යයේ දෝහා සිට අද අලුයම 1.45 ට , කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. - 668 දරණ ගුවන් යානයෙන් ද තවත් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.



Recommended Articles