රටවල් 14ක අයට ලංකාවට එන්න බෑ


පසුගිය දින 14 ක කාළය තුළ ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකාව සහ දකුණු ඇමෙරිකානු රටවල් 14 ක සංචාරය කළ හෝ එම රටවල් ඔස්සේ පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට නැවත දැනුම් දෙන තෙක් ශ්‍රී ලංකාවට පැමිණීම 06/04 දින සිට අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා වල , ශ්‍රී ලාංකික ගුවන් මගීන් 75 දෙනෙකු උපරිම වශයෙන් රැගෙන පැමිණිය හැකි අතර , ඊට අමතරව තවත් විදේශීය සංචාරකයන් ද මෙම ගුවන් යානය තුළම රැගෙන පැමිණිය හැකි බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

නවෝද්‍යා පවනි/ටී.කේ.ජී. කපිල

 

 



Recommended Articles