රට මේ තත්ත්වයට පත්විමට හේතුව වි ඇත්තේ පසුගිය වසර දෙක හමාරක කාලය තුල ජනාධිපතිවරයා හා රජය ගත් ගත් අදූරදර්ශි තීන්දු තීරණ බව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසති.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ මූල්‍ය, ඉන්ධන ඇතුළු කිසිඳු ගැටලුවක් විසඳීමට රජයට කිසිඳු සැලැස්මක් හෝ ඉදිරි දැක්මක් නොමැති බවයි.
" මේ අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල තවමත් බලයේ සිටීමයි. රටේ දුක්විදින ජනතාව වෙනුවෙන් මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ තත්ත්වය යටතේ තවදුරටත් බලයේ රැදී සිටීමට හැකියාවක් නොමැති බැවින් රට වැටී තිබෙන තත්ත්වය ගැන වගකීම බාරගෙන තම තනතුරු වලින් ඉල්ලා අස්වි රටේ අනාගතය නැවත ජනතාවට භාර දෙන ලෙසයි"යැයි උන්වසන්සේ පැවැසූය.
ඉන් අනතුරුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ප්‍රශ්නවලට විසඳම් දී මැතිවරණයකට යා යුතු බවත් උන්වහන්සේ පැවැසූහ.