රට ඉඳි බද්දට සහනයක් දෙනවා


ඉස්ලාම් භක්තිකයන්ගේ රාමලාන් උපවාස උත්සවයට සෞදි රජයේ ප්‍රදානයක් ලෙස ලබා දුන් රට ඉඳි සඳහා රේගුව අය කරගෙන ඇති බද්ද සඳහා සැලකිය යුතු සහනයක් ලබා දීමට ආණ්ඩුව මැදිහත් වන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද (28දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු  කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

"රට ඉඳි ගෙන්වීම සම්බන්ධයෙන්  මුස්ලීම් භක්තිකයන්ගේ උත්සවය වෙනුවෙන් රජය සැලකිය යුතු මට්ටමකට බද්ද අඩු කරනවා. නමුත් ඒ දිනය ප්‍රකාශ කරන්න කලින් ගෙනාපු තොගයක් තමයි බද්දට අහුවෙලා තිබුණේ. මේ උත්සවයට ගෙනාපු රට ඉඳි කියලා කියන නිසා ඒකට සහනයක් ලබා දෙන්න ආණ්ඩුව මැදිහත් වෙමින් ඉන්නවා. "



Recommended Articles