රජයේ අධි සුඛෝපභෝගී වාහන ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය


රාජ්‍ය ආයතනවල භාවිත වන ඇතැම් අධි සුඛෝපභෝගී වාහනවල නඩත්තු හා ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැය සැලකිල්ලට ගෙන එවැනි අධි සුඛෝපභෝගී වාහන අපහරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. එසේ වාහන අපහරණය කිරීම රජයට වඩාත් ඵලදායි වනු ඇති බවටද සැලකිල්ලට ගෙන තිබේ.

ඒ අනුව සියලුම රාජ්‍ය ආතනවල පවතින වාහන පිළිබඳ විධිමත් අධ්‍යනයක් සිදුකර රේගු සංකේතාංක 87.03 යටතට ගැනෙන පෙට්‍රල් එංජින් ධාරිතාව 1800cc වැඩි වාහන හා ඩීසල් එන්ජින් ධාරිතාව 2300cc වැඩි වාහන (ඩබල් කැබ්, සිංගල් කැබ්, වෑන් රථ, බස් රථ හැර) නියමිත ප්‍රසම්පාදනය ක්‍රම වේදය අනුගමනය කරමින් මෙසේ අපහරණය කිරීමට නියමිතය.

මෙහිදී 2025-3-1 දිනට පෙර අදාළ ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් විසින් අපහරණය කිරීමටත් ඒ අනුව කටයුතු කර මහා භාණ්ඩාගාරයේ කොම්ප්ටෝලර් ජනරාල් වෙත වාර්තා කිරීම සඳහා අදාළ චක්‍ර ලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස භාණ්ඩාගායේ ලේකම් වෙත බලය පැවැරීමට මෙසේ ජනපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් යෝජනවට අනුමැතිය ලැබී තබේ.

 



Recommended Articles