රජය සතු ඉන්ධන තොග ගැන පැහැදිලි කිරීමක්


රජය සතුව මේ වන විට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ අද ‌පෙරවරු 8.30 වන විට,

ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 133,936ක්

සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 6,192ක්

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,402ක්

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5,367ක්

ගුවන් යානා ඉන්ධන මෙට්‍ර්ක් ටොන් 30,173ක් රජය සතුව පවතින බවයි.

 



Recommended Articles