යාපනය තිස්ස විහාරයේ ගැටලුව විසඳිමට අවංකව මැදිහත් වෙනවා


යාපනය තිස්ස විහාරයේ ගැටලුව විසදිමට  රජයක් ලෙස ඉතා අවංකව කටයුතු කරන නමුත් එය ගැටළුවක් බවට පරිවර්තනය කළ ආගමික සහජීවනයට හානිය ඇති කරන්න යම් පිරිසක් උත්සාහ කරමින් සිටින බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය .

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (25) නුවරඑළියේ පැවති වැඩසටහනකට සහභාගි වීමෙන්් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිටියදී මාධ්‍යවේදීන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.

“යාපනය තිස්ස විහාරය සම්බන්ධ ප්‍රවෘත්ති රාශියක් සංසරණය වුවත් යාපනය තිස්ස විහාරය හා සම්බන්ධ තොරතුරු හා අපේ මැදිහත්වීම් දීර්ඝ කාලයක් තිස්සේ සිද්ධ වෙනවා මේක අලුත් ආරංචියක්වත් උත්සවයට මම සහභාගී නොවුන එකවත් අලුත් ප්‍රවෘත්තියක් නෙවෙයි.

තිස්ස විහාරය හා සම්බන්ධ ප්‍රශ්නයට අවශ්‍ය කරන අවංක මැදිහත්වීම රජයක් හැටියට අපි අරන් තියෙනවා මෙම ගැටලුවට මම හිතා මතාව මැදිහත් නොවන බව පැවසුවත් ඒක සත්‍යයක් නෙමෙයි ,

අමාත්‍යංශ හැටියටත් පාර්ලිමේන්තුවේදී බොහොම නිරවුල්ව මැදිහත් වෙලා තිබෙනවා අදහස් ප්‍රකාශ කරලා තියෙනවා ,

මේප්‍රදේශයේ තියෙන වලිකා මම උතුර කියන ප්‍රදේශයේ තිබෙන තිස්ස විහාරය ගැන තමයි මේ ඔබ විමසන්නේ ඒ ජනතාව ඇවිල් අපව මුණ ගැහුනා. ඒ ස්වාමීන් වහන්සේලා වැඩම කරලා අප මුණ ගැහුනා.

යාපනයේ දිස්ත්‍රික්කයට උතුරට නායකත්වය දෙන අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේ චන්ද්‍රසේකරම්ඇවිල් අපව මුණ ගැහුනා.

 ඒ ස්වාමීන් වහන්සේලා වැඩම කරලා අප මුණ ගැහුනා. යාපනයේ දිස්ත්‍රික්කයට උතුරට නායකත්වය දෙන අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරම් අමාත්‍යතුමා ප්‍රමුඛ මහජන නියෝජිතඇවිල් අපව මුණ ගැහුනා ඒ අය එක්ක අපි සමීප සාකච්ඡා කරලා තිබෙනවා.

 ඒ නිසා මේ ප්‍රශ්නය ප්‍රශ්නයක් හැටියට මතු කරගෙන සාකච්ඡා කරන්න යම් පිරිසකට වුවමනා බව පේනවා.

 ඒ පිරිස උත්සාහ දරන්නේ මේ ඔස්සේ ආගමික සහජීවනය නැති කරලා කරලා මේ ආණ්ඩුව කෙරෙහි වැරදි මතයක් පවන්නට ,

ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව මේ ගැටලුව විසඳන්න අවංකවම මැදිහත් වෙලා සිටිනවා ,

තිස් අවුරුදු යුද්ධයෙන් පසුව මතුවන මෙවන්වූ ගැටලුවලට ඉතාම සංවේදික පිළිතුරු දීම රජයක් හැටියට අපේ වගකීමක් වෙනවා සමස්ත රටවැසියන්ටම අපි ආරාධනා කරන්නේ මේ ප්‍රශ්නය විදියට අපි විසඳන්නේ කොහොමද යනුවෙන් බලා ඉන්න කියලයි"



Recommended Articles