යාන් ඔය මෝයේ මසුන් මරන්න ගිය පියා අතුරුදන් පුතා බේරෙයි


අයහපත් කාලගුණය හමුවේ යාන් ඔය මෝය ආසන්නයේ ඔරුවකින් ගොස් මසුන් ඇල්ලීමේ යෙදුණු පිය පුතු දෙපළක් ඊයේ (27දා) සැඩ පහරට හසු වී ඔරුව පෙරළීමෙන් පියා අතුරුදහන් වී ඇති අතර පුතා බේරී ගොඩට පීනා ඇතැයි පුල්මුඩේ පොලිසිය කියයි .

මෙසේ අතුරුදහන් වී ඇත්තේ පුල්මුඩේ,තක්වානගර්, කොට්ඨාස අංක එක පදිංචි අහමදු ලෙබ්බේ අබ්දුල් මුබාරක් (58) නැමති අයෙකි.

අනතුරෙන්  දිව් බේරා ගත් අතුරුදහන් වූ අයගේ පුතා වන මුබාරක් සකීර් නැමති අය මේ සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබේ.

තද සුළං තත්ත්වය හා මුහුදේ රළු ස්වභාවය නිසා මේ දිනවල ධීවර කටයුතු වලින් වැලකී සිටින ලෙස කළ දැනුම් දීම නොතකා මෙම ධීවර කටයුතු වල යෙදී ඇති බව පවසන පොලිසිය අතුරුදහන් වූ අය සොයා පුළුල් පරීක්ෂණයක් දියත් කර තිබේ .

 



Recommended Articles