කඩවත සිට බණ්ඩාරවෙලට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කුලු කීපයක් මෝටර් රථය මතට වැටීමෙන් දැඩි හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ අධ්‍යස්ථානය පැවසීය.
මෙම මෝටර් රථයේ සිව් දෙනකු ගමන් කර ඇතත් කිසිවකුටත් හානියක් සිදුවී නොමැති වුවද මෝටර් රථයට දැඩි හානි සිදුවී ඇති බව බව හල්දුමුල්ල පොලිසිය පැවසීය.
කඩවත සිට බණ්ඩාරවලට මෝටර් රථයකින් විනෝද චාරිකාවක් පැමිණි තරුණයන් සිව් දෙනකු මෙම අනතුරකට මුහුණ පා තිබේ.
වර්ෂාව නොමැති අවස්ථාවක මෙසේ ගල්කුළු පෙරළී ඇති එබව ද මේ දිනවල පවතින වර්ෂාව සමඟ කඳුකර මාර්ගවලට ඉහළින් පිහිටි කඳු වලින් බුරුල් වූ ගල් පර්වත පහළට පෙරළී ඒ මේ අවදානමක් ඇති බැවින් කල්පනාකාරීව රථ වහන ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
මේ අතර බෙරගල වැල්ලවාය මාර්ගයේ පහළ විහාරගළ ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටී අවහිර වී තිබූ මාර්ගය මේ වන විට එක් මන්තීරුවක් ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව හල්දුම්මුල්ල ප්‍රදේශීය ලේකම් කේ ඒ. ජේ. ප්‍රියංගිකා මහත්මිය කීවාය .
හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර