බද්දේගම නාගොඩ මාර්ගයේ ගමන් කළ මෝටර් රථයක් කැප්පිටියාගොඩ අඟුරුවල පාලමෙන් පහළට ඇද වැටීමෙන් එහි ගමන්කළ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි නාගොඩ පොලීසිය පවසයි .
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ බද්දේගම ගොතටුව ප්‍රදේශයේ පදිංචි අයි.ජී.ඩී.එස්. කුමාර (44) නැමති බැංකු නිලධාරියෙකි.
නාගොඩ ප්‍රදේශයේ සිට බද්දේගම දෙසට ධාවනය වෙමින් තිබියදී මෝටර් රථය ඇලටවැටී ඇති බවත්, එම අවස්ථාවේ මෝටර් රථයේ සිට ඇත්තේ ඔහු පමණක් බවත්, රියදුරුට නින්දයාම නිසා මෙම අණතුර සිදුවන්නට ඇතැයි සැක කරන බවත් පොලීසිය පවසයි.
නාගොඩ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
බද්දේගම සරත් ආනන්ද ගමගේ