මොලපු ඔයෙන් නිමවූ පෝදා විනෝදය


හික්කඩුව, තොටගමුව පාලම අසල මුහුදට ගලා බසින මොලපු ඔයේ ඊයේ (20)  සවස දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය  දරුවන් තිදෙනෙකුගෙන් එක් දරුවෙකු දියේ ගිලී තවමත් අතුරුදන් වී ඇතැයි මීටියාගොඩ පොලිසිය කියයි.

මෙසේ  අතුරුදහන් ව ඇත්තේ  වයස අවුරුදු 16 ක් වූ ඇල්පිටිය කරුනාතිලක පෙදෙසේ  පදිංචි ශම්මික සුදත් කුමාර නැමති  දරුවෙක් බව පොලීසිය කියයි.

 ඇසළ පොහෝදා ඇල්පිටිය ප්‍රදේශයේ සිට විනෝදයට පැමිණ ඇති  දරුවන් 09 දෙනෙකු  ඊයේ සවස මොලපු ඔයේ දිය නා ඇති අතර එයින් දියවැලට හසුවූ දරුවන් තිදෙනාගෙන් දරුවන් දෙදෙනෙකු ජීවිතාරක්ෂක නිලධාරීන් ,ප්‍රදේශවාසීන් හා පොලීසිය එක්ව නිරුපද්‍රිතව බේරාගත් බව පොලීසිය පැවසීය. 

අතුරුදන් දරුවා අද (21) උදෑසන වන විටත් සොයාගැනීමට නොහැකි බවත් ඔහු සොයා තවදුරටත්  මෙහෙයුම් ක්‍රියාත්මක  කර ඇතැයි   පොලීසිය කියයි.



Recommended Articles