මොරගහහේන වෙඩි තැබීමෙන් දෙදෙනෙක් මරුට


මොරගහහේන  තල්ගහවිල මාලොස් ඇළ හන්දිය ආසන්නයේදී තීරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකුට මෝටර්රථය කින් පැමිණි  පුද්ගලයන් පිරිසක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි මොරගහහේන  පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල පන්නිපිටිය හිරිපිටිය අංක 62/2 ලිපිනයේ පදිංචිව සිටි රූප සිංහ ආරච්චිලාගේ නයනානන්ද පෙරේරා නොහොත් උක්කුං මල්ලි  (52) හා පිළියන්දල සිද්ධමුල්ල තානායම් ගොඩනැගිල්ලඅංක 114/1 හි ලිපිනයේ පදිංචිව සිටි විතානගේ වසන්ත පෙරේරා (50) යන අයවලුන්ය

ඝාතනයට ලක් වූ පුද්ගලයන් දෙදෙනා 2004 වර්ෂයේදී  රත්නපුර ප්‍රදේශයේ. මැණික් හා ස්වර්ණාභරණ අලෙවි සැලක රුපියල් 67 ලක්ෂ 58500 කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව රිමාන්ඞ් භාරයට පත් වී ඇති අතර ඇප මත නිදහස් වීමෙන් අනතුරුව  සෑම ඉරු දිනකම රත්නපුර පොලිසියේ අපරාධ අංශයේ  පෙනී සිට අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබූ බව පොලිසිය කියයි.

ඒ අනුව එම පුද්ගලයන් දෙදෙනා ඊයේ 7 නපුරයට ගොස් යළි නිවස කරා තීරෝද රථයෙන් පැමිණෙමින් සිටියදී   මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී ඇතැයි පොලිසිය කියයි.

වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා මොර ගායන පොලිසියේ නිලධාරීන් විසින් හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කරන විටත් මියගොස් තිබූ බවත් ඔවුන්ගේ පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ල වී තිබූ බවත් පොලිසිය කියයි.

ත්‍රී රෝද රථයට වෙඩි ප්‍රහාර නවයක් එල්ල වී තිබූ බවත්  එය 9එම් එම් නිකුත් වූ උණ්ඩ බව පොලිසිය සඳහන් කරයි.

ඔවුන්ගේ තීරෝද රථය පසුපස සුදු පාට මෝටර් රථයක් පැමිණි බවටද තොරතුරු ලැබී ඇතැයිද අවට ප්‍රදේශවල සීසිටීවී දර්ශන පරික්ෂා කිරීමේදී ඒ බව පැහැදිලි වන බව පොලිසිය සඳහන් කරයි.

කෙසේ නමුත් ඝාතනය සිදුකර ඇත්තේ ඉතා සැලසුම් සහගතව බවත් තීරෝද රථය පසුපසින් මෝටර් රථය පැමිණියත් අවශ්‍ය ස්ථානයට පැමිණීමත් සමඟම තීරෝද රථය වෙත ළඟා වී ඇතැයි ද සි සි ටි වි දර්ශන පරික්ෂා කිරීමේදී වඩාත් පැහැදිලි වන බවත් පොලිසිය සඳහන් කරයි.

මෙම ඝාතනය මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟව සිට  මෙරට මත්ද්‍රව්‍ය  ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවන හෝමාගම හඳයා නැමැත්තාගේ මෙහෙයවීම මත ඔහුගේ ගෝල බාලයන් විසින් සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

ඝාතනයට ලක් වූ නයනානන්ද පෙරේරා නොහොත් උක්කුං මල්ලි   හඳයා නැමැත්තාගෙන් මරණීය තර්ජන තිබුණ බවටද මේ වන විට තොරතුරු ලැබෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඝාතනයට හේතුව මත්ද්‍රව්‍ය  ජාවාරමක ඇතිවූ විරසකයක් බවට බොහෝවිට සැක කළ හැකි යැයි පොලිසිය කියයි.

පලා  ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා  පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අමතරව විශේෂ පොලිස් කණ්‌ඩායක් කීපයක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

 මොරගහහේන  පොලිසිය පරීක්ෂණ පවත්වයි


ඝාතනයට ලක් වූ පුද්ගලයන් දෙදෙනා ගමන් ගත් තීරෝද රථය


ඝාතකයන් පැමිණි බව කියන සුදු පැහැති මෝටර් රථය සිටීවි කැමරාවක සටහන්ව තිබුණේ මෙසේය



Recommended Articles