මොනරාගලින් කොවිඩ් ආසාදිතයින් 14 ක්


මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඊයේ (13) කොවිඩ් 19 ආසාදිත රෝගීන් දාහතර දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තිළිණ වෙල්ලාලගේ මහතා පැවසීය.

මොනරාගලින් තිදෙනෙක්ද,බුත්තලින් දෙදෙනෙක්ද, වැල්ලවායෙන් අටදෙනෙක්ද,දඹගල්ලෙන් එක් අයෙකුද මෙලෙස හමුවී ඇත.

රෝගීන් අතර වැල්ලවාය පැල්වත්ත ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි ශිෂ්‍යයෙකුද වේ.

මෙම රෝගීන් කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමුකර ඇත.

මොනරාගල සුමනසිරි ගුණතිලක



Recommended Articles