මේජර් තනතුරින් පහළ සියලු යුද හමුදා සාමාජිකයන්ගේ ගමන් බලපත්‍ර හමුදාව භාරයට


මේජර් තනතුරින් පහළ සියලු යුද්ධ හමුදා සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අදාළ රෙජිමේන්තු වෙත භාරදීමට පියවර ගන්නා ලෙස යුද හමුදා මූලස්ථානය මගින් දැනුම් දීමක් සිදුකර තිබේ.

 යුද හමුදා සාමජිකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර රේජිමේන්තු වෙත ලබාගන්නේ විදේශ පුහුණවීම්වලට අදාළ පරිපාලන කටයුතු පහසුකර ගැනීමට බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.

මේජර් තනතුරෙන් පහළ සාමාජිකයන් විදේශ පුහුණු සඳහා යොමු කිරීමේදී අදාළ කටයුතු කඩිනමින් සිදුකිරීම සඳහා විදේශ ගමන් බලපත්‍ර අවශ්‍ය වන බවද යුද හමුදා මාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ  බ්‍රිගේඩියර් වරුණ ගමගේ මහතා  අද කළ විමසීමකදී සඳහන් කළේය.

හමුදා සාමාජිකයන් රාජකාරි සිදුකරන ස්ථානයේ සිට නිවෙස් දුර බැහැර ප්‍රදේශවල  පවතින නිසා විදේශ ගමන් බලපත්‍ර රේජිමේන්තු වෙත ලබා ගැනීම සිදුකරන බවද  හෙතෙම පැවසීය.

අදාළ හමුදා සාමාජිකයාට ඕනෑම අවස්ථාවක නැවත විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමේ හැකියාව තිබෙන බවද ඔහු සඳහන් කළේය.



Recommended Articles