මේ සූදානම කතරගම ඇසල පෙරහර මංගල්‍යයටයි


ජූලි 06 වෙනිදා සිට ජූලි 21 වෙනි දින දක්වා පැවැත්වෙන ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල මංගල්‍යය උත්සවයට පුදබිම සූදානම්කිරීම මේ දිනවල සිදුකෙරේ.

බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රරත්න ගුණසේකර මහතාගේ උපදෙස් මත පුදබිමේ මාර්ග, වැලි අතුරා සකස්කිරීම දේවාලය ඇතුළු ගොඩනැඟිලි පින්තාරුකිරීම, පුදබිම පිරිසිදුකිරීම,  සනීපාරක්ෂක කටයුතු විධිමත්කිරීම මෙම වැඩසටහන යටතේ සිදුකෙරේ. ( I J)

සුමනසිරි ගුණතිලක 



Recommended Articles