මේ වසරේදී අධිවේගයේ අනතුරුවලින් 16ක් මරුට


අධිවේගී මාර්ගවල මේ වසරේ ගෙවීගිය කාලය තුළදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගල මරණ 16ක් සිදු වී පුද්ගලයන් 05දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

මෙරට තුළ අධිවේගී මාර්ග තුනක් පවතින අතර, එනම් දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම් අධිවේගී මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගවල මෙම අනතුරු සිදුව තිබේ.

අපරික්ෂාකාරී හා නොසැලිකිලිමත් රිය ධාවනය හා රියදුරුට තිබෙන අධික විඩාව නිසා අධිවේගී මාර්ගවල රිය අනතුරු සිදුවීමට ප්‍රධාන හේතූන් වි තිබෙන බවද පෙන්වා දෙයි.

මේ නිසා අධිවේගී මාර්ගවල රිය ධාවන කිරීමේදී මාර්ග නීති පිළිපදිමින් රිය ධාවනය කරන ලෙසත්, අධිවේගී මාර්ගවල රිය ධාවනය කිරීමේදී සාමාන්‍ය මාර්ගවල රිය ධාවනය කරන වේගයට වඩා වේගය වැඩි බවද සඳහන් කරයි.

මේ නිසා අධිවේගී මාර්ගය තුළදී රිය අනතුරුක් සිදුවුහොත් ජීවිතවලට සිදුවන හානිය වැඩි බවත්, දැඩි මහන්සියකින් සිටින අවස්ථාවක රිය ධාවනය නොකරන ලෙසත් ඉල්ලා සිටියි.



Recommended Articles