ලබන වසරේ ජනවාරි පළමු වැනිදා කිරිබත් කෑමට දුප්පත් මිනිස්සුන්ට සහල් ටිකක් ගන්න තැනක් නැති වෙන බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා අද (11) ඇල්පිටියේදී කීවේය.
රජය විසින් නිකුත් කළ සහල් ගැසට්ටු හරහා සහල් මාෆියාව තවත් උත්සන්න වූ බවත් සහල් මිල පාලනය කිරීමට පාලකයන් මෙතෙක් පියවර ගෙන නැති බවත් අසේල මහතා කීවේය.
“අද අපේ ගම්මානවල පාලන මිලට ගන්න හාල් නැහැ. පාලන මිල පැනලා තමයි ගම්මානවල කඩවල හාල් විකුණන්නේ. ඒ මිනිස්සුන්ටත් කරන්න දෙයක් නැහැ. ඒ අයට ලැබෙන මිල අනුවයි ගම්මානවල වෙලෙන්දන් හාල් විකුණන්නේ. අද කොහේද රුපියල් 230 ට හාල් ගන්න තියෙන්නේ.
අනේ අපේ ගම්වල නම් නැහැ. මේ අහිංසක ගමේ කඩ කාරයන්ට පාලන මිලට හාල් විකුණව කියලා නඩු දාන එක නම් ඉතා පවක්. මේ වට නිසි කම වේදයක් තියෙන්න ඕන. හාල් මිල පාලනය කිරීමට දැන්වත් රජය මැදිහත් නොවුන හොත් අපිට මේ අවුරුද්දේ ජනවාරි පලමු වැනිදාට කිරිබත් කන්න වෙන්නේ නෑ”