මෙරට රැව් පිළිරැව් දුන් යට ගිය අපරාධ උඩට


2015 ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව, පාස්කු ප්‍රහාරය ඇතුළු නඩු හතකට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යංශය වැඩ  බලන පොලිස්පති ට උපදෙස් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල්  තල්දූව මහතා පැවසීය

ඒ අනුව විමර්ශනවල අවම ප්‍රගතියක් පෙන්වනු  ලබන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව ,පාස්කු ප්‍රහාරය ,දිනේෂ් පාස්ටර්ගේ මිය යාම , 2007 වසරේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රවින්ද්‍රනාත්  සුභ්‍රමණියන් මහතාගේ මහතාගේ අතුරුදහන්වීම 2023   ැලිගම පොලිසියේ කොස්තාපල්වරයකු මිය යාම සම්බන්ධව විමර්ශන අවම මට්ටමක පවතින බවට මහජන ආරක්ෂක අමාත්‍යයෙන් මගින් පෙන්වා දී ඇත

ඊට අමතරව 2005 වසරේදී තාරකී ශිව රාම් නොහොත් ධර්මරත්නම් ශිවරාමි නැමැති මාධ්‍යවේදියා බම්බලපිටිය ප්‍රදේශයේ දි පැහැරගෙන ගොස් ඝාතනය කිරීම , යාපනයේ ප්‍රදේශයේදී ලලිත් කුමාර සහ කුගන් මුරුනාදන් යන පුද්ගලයන් දෙදෙනා අතුරුදහන් කිරීම යන විමර්ශන කටයුතුද ඉතා ඉක්මනින් අවසන් කිරීමට වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලැබී ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කිය

මෙරට රැව් පිළිරැව් දුන් අපරාධ පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානයට ලක් කරමින් සිදුකළ විමර්ශන වලට අනුව ප්‍රගතිය අවම මට්ටමක පවතින පරීක්ෂණ පිළිබඳ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාට ලබා දී ඇති උපදෙස් වලට අනුව මෙම විශේෂ විමර්ශන කඩිනම් කිරීමට උපදෙස් ලැබී ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය



Recommended Articles