මෙරට ප්‍රථම වරට නැවකින් නැවකට‍ ද්‍රව භාණ්ඩ හුවමාරුව හම්බන්තොට වරායෙන්


හම්බන්තොට වරාය මගින් පළමු වරට නෞකාවෙන් නෞකාවකට ද්‍රව භාණ්ඩ හුවමාරුව ආරම්භ කර ඇත. ඒ අනුව, සිංගප්පූරු සමාගමක් වන ෂිප්ලෝඩ් මැරිටයිම් සමග එක්ව ලාෆ් ගෑස් සමාගමේ නෞකාවකට ද්‍රව පෙට්‍රෝලියම් වායූ හුවමාරුව සිදු කර ඇති බව වරාය අධිකාරිය නිකුත් කළ නිවේදනයක් මගින් සඳහන් කර ඇත. 

 ඒ අනුව, ද්‍රව පෙට්‍රෝලියම් වායූ මෙට්‍රික් ටොන් 3,170ක් ලාෆ් සමාගමට අයත් නෞකාව වෙත යොමු කර ඇති අතර මෙම තත්වය හමුවේ මෙරට පවතින ලාෆ් ගෑස් හිගය කඩිනමින් මගහැරුණු ඇති බව සඳහන් වේ.

 



Recommended Articles