මුහුදේ පෙරළීගිය ඕමාන තෙල් නැවේ සිටි ශ්‍රීලාංකිකයන් 3ක් ඇතුළු 16ක් අතුරුදන්


කොමරෝස් ධජය සහිතව ඕමාන වෙරළ ආසන්නයෙන් යාත්‍රා කළ බොරතෙල් ප්‍රවාහන නෞකාවක් පෙරළීමෙන් එහි සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි. පසුගිය සඳුදා දිනයේදී මෙම අනතුර සිදුව තිබේ. මෙම නෞකාව ප්‍රෙස්ටීජ් ෆැල්කන් ලෙස හඳුනාගෙන ඇත. 

පෙරළීමෙන් පසුව නෞකාවෙන් අඩක් මුහුදේ ගිලී උඩුකුරුව පවතින බව සඳහන් වෙයි. අතුරුදන්ව සිටින අනෙක් 13 දෙනා ඉන්දියානු ජාතිකයන් බව පැවසෙයි. ඒ අනුව ඉන්දියානු නාවික හමුදාව සහ ඕමාන සමුද්‍රීය අධිකාරියේ බලධාරීන් එක්ව අතුරුදන් පිරිස් සොයා ඊයේ දිනය පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදි. මීටර් 111.7ක් දිග මෙම බොරතෙල් ප්‍රවාහන නෞකාව 2007 වසරේදී නිශ්පාදන කරවූවකි.

 



Recommended Articles