මුහුණු ආවරණ පළදින්නැයි කිව්වාම දුම්රිය නියාමකට පහර දීලා


මුහුණු ආවරණ පැළඳ දුම්රියට පිවිසෙන ලෙස සඳහන් කළ දුම්රිය නියාමකවරයෙකුට පහරදුන් තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

වාද්දූ දුම්රිය ස්ථානයේ සිට රාගම දුම්රිය ස්ථානය දක්වා ඊයේ ගමන් කළ දුම්රියකට දෙහිවල දුම්රිය ස්ථානයේදී ගොඩ වීමට පැමිණ තරුණයන් දෙදෙනෙක් මෙම පහරදීම සිදුකර තිබුණි.

දුම්රිය නියාමකවරයා දෙහිවල පොලීසියට කළ පැමිණිල්ලක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද දිනයේදි හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



Recommended Articles