රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට වී තොග සම්බන්ධයෙන් ඉදිරිපත් කළ දත්ත වැරදි බවත්, ඊට සමාව අයැදින බවත් කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාව හමුවේ ප්‍රකාශ කළහ.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28දා) රැස් වූ අවස්ථාවේදී සභාපතිවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔවුන් මේ බව සඳහන් කළහ.