මුතු රාජා තායිලන්තයට ළඟා වෙයි


ශ්‍රී ලංකාවෙන් තායිලන්තය වෙත රැගෙන ගිය මුතු රාජා හෙවත් සක්සුරින් ඇතා රැගත් ගුවන් යානය  07/02 දින ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.33 ට තායිලන්තයේ "චියෑන් මායි" ( Chiang Mai ) ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ.

 මෙම ඇතා රැගත් රුසියානු ඒවියාකොන් සිටොට්‍රාන්ස් ගුවන් සේවයේ ( Aviacon Zitotrans ) ඒ.ඉසෙඩ්.එස්.- 5701 දරන ගුවන් යානය උදෑසන 07.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ චියෑන් මායි ගුවන් තොටුපොළ බලා පිටත් විය .

පැය 05 ක ගුවන් ගමනකින් පසුව මෙම ගුවන් යානය මේ වනවිට තායිලන්තයේ චියෑන් මායි ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ .

 



Recommended Articles