මිලියන 97ක කොකේන් සමග විදේශිකයෙක් අල්ලයි


රුපියල් නව කෝටි හැත්තෑ ලක්ෂයක් ( රුපියල් මිලියන 97 ක් ) වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති '' හරිත මාවත " ( Green Channel ) ඔස්සේ පිට වී යාමට තැත් කළ විදේශිකයෙකු , ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 01/08 දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ. මොහු 66 හැවිරිදි බොස්නියානු ජාතිකයෙකි.

ඔහු සිය ගමන් මල්ලේ පාද පිරිසිදු කිරීමට යොදා ගන්නා බ්‍රස් 114 ක් තුළ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 759 ක් සූක්ෂම ලෙස සගවා ගෙන පැමිණ තිබුණි .

මොහු මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන කොලොම්බියාවෙන් ගමන් ආරම්භ කර , කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබේ . ඉන්පසුව ඔහු එතැන් සිට 01/08 දින අලුයම 02.40 කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.-662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙසේ අත් අඩංගුවට ගත් මෙම බොස්නියා ජාතිකයා සමග ඔහු විසින් රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .



Recommended Articles