මිලියන 3250ක් වටිනා මත්කුඩු තොගයක් අත්අඩංගුවට


බහුදින ධීවර යාත්‍රාවක සකස් කළ කුටීර තුළ සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබු රුපියල් මිලියන 3250 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 131යි ග්‍රෑම් 754 සමග පුද්ගලයින් 06දෙනෙකු දෙවුන්දර සිට දකුණු දෙසට නාවික සැතපුම්356 ක් පමණ  දුරින් වූ ගැඹුරු මුහුදේ තිරයේ දි අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්වී තිබුණී. නාවුක සැතපුම් 356ක දුරකදී මෙම අත් අඩංගුවට ගැනීම සිදුවී ඇත.

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ලද බුද්ධි තොරතුරකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාව යොදවා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදි මෙම මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 23ත් 43ත් අත‍ර වන දෙවුන්දර සහ ගන්දර යන ප්‍රදේශයන්හි පදිංචිකරුවෝ වෙති. අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය, හා  සැකකරුවන් හය දෙනා සහ බහුදින ධීවර යාත්‍රාව  ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබිය. ඉදිරි නීතිමය කටයුතු සඳහා  සැකකරුවන් හය දෙනා සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදී ඇත.

හිනිදුම රවින්ද්‍ර ශ්‍රීලාල්

 



Recommended Articles