රුපියල් කෝටි එකහමාරක් පමණ වියදම් කරමින් වගා කල තක්කාලි අක්කර පහළොවකට අධික භූමියක් පවතින අධික වර්ෂාව නිසා විනාශ වෙමින් පවතින බව ගලේවෙල පට්ටිවල ප්‍රදේශයේ මහා පරිමාණ ගොවී නායකයකු වන එස් .ඒ .රත්නපාල මහතා පැවසීය
අක්කර සියයකට අධික භූමියක් ප්‍රදේශයේ පුද්ගලයන් සියයකට අධික දිනපතා රැකියා ලබාදී ඇති සාර්ථක ගොවිපළක් පවත්වාගෙන යන රතනපාල මහතා මෙවරක් අක්කර පහළොවකට අධික භූමියක තක්කාලී වගාකොට තිබේ
එක දිගට ඇද හැලෙන වරුසාව නිසා තමන්ට තක්කාලි වගාව කොටස් වශයෙන් විනාශ වෙමින් පවතින බව පෙන්වා දෙයි . එක් කොටසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බවත් අනෙක් කොටස කුඩා පැල දියවී විනාශ වෙමින් පවතින බවද ගෙඩි කඩන්නට පවතින තක්කාලි වගාවේ ගෙඩි වරුසාව නිසා බිමට ඇද වැටී කුණු වී ගස් යටම විනාශ වෙමින් පවතින බව රතනපාල මහතා පෙන්වා දුන්නේය
තමන්ට සිදුව ඇති මෙම මහා පාඩුව පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් සිටින අවස්ථාවේදී ද ප්‍රදේශයට වර්ෂාව ඇද හැලෙන්නට වීම විශේෂත්වයකි
ඉදිරි කාලයේ ද මේ ආකාරයෙන් වරුසාව ලැබුනහොත් එළවළු හිඟයක් පැවතීමට හැකි බව පෙන්වා දෙන රතනපාල මහතා සඳහන් කළේ
වී වගාව සාර්ථක වුවහොත් එළවළු වගාවට නිසි කලක් එන බවත් කෙසේ වෙතත් හදිසි ආපදාවන්වලට ලක් වන මහා පරිමාණ ගොවියන්ට දිගින් දිගටම පසුගිය කාලයේ පාඩු සිදුවී බොහෝම ගොවීන් සිය වගාව අතහැර දැමූ බවය තමන්ට ද මේ වන විට වගාවන් රැසකින් පාඩුවී තිබෙන බව පෙන්වා දුන්නේය
කෙසේ වෙතත් තමන් ළඟ සේවය කරන කම්කරුවන් සිය දෙනෙකුට මේ හේතුව නිසා රැකියා අහිමිවීමේ අවධානමක් පවතින බව පෙන්වා දෙන රතනපාල මහතා රජයට යෝජනා කර සිටින්නේ තමන් වැනි මහා පරිමාණ ගොවීන් ආරක්ෂා කර ගැනීම සඳහා කුමන හෝ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවය අවදානම ලබාගෙන රටේ මහජනතාවගේ ආහාර නිෂ්පාදනය සඳහා යොමු වී සිටින පිරිසට රජයේ අවදානය නොලැබීම කණගාටුවට කරුණක් බව හෙතෙම පෙන්වා දුන්නේය.