මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ගේ ග්‍රහණයේ සටි තවත් 32ක් බේරා ගැනෙති


මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32 දෙනකු මුදවා ගැනීමට හැකි වී තිබේ.

ඔවුන්ව කඩිනමින්  මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සමඟ සම්බන්ධීකරණය කිරීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

මෙම පිරිස මුදවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සූදානම් කරන ලෙස විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් තායිලන්ත සහ මියන්මාර තානාපතිවරුන්ට සහ අදාළ බලධාරීන්ට පසුගිය සතියේ උපදෙස් ලබාදී තිබුණි. 

ඒ අනුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ තායිලන්තයේ සහ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරු මෙම කටයුතු සම්බන්ධීකරණය කර තිබේ.



Recommended Articles