මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයන් 187ක්


මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරුවලට සම්බන්ධව තවත් රෝගීන් 187ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් වෙයි.

ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 400කි. එම පොකුරු දෙකේ සමස්ත ආසාදිතයන් ගණන 9492ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles