මිනුවන්ගොඩ කොවිඩ් ආසාදිත පොකුර ලංකාවේ විශාලම පොකුර වෙයිද?


මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් මතුවූ කොවිඩ් ආසාදිත පොකුර ශ්‍රී ලංකාවෙන් මේ දක්වා හමුවූ විශාලම කොවිඩ් ආසාදිත පොකුර බවට පත්වීමට වැඩි අවස්ථාවක් පවතී.

ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් වාර්තාවීමත් සමගින් ප්‍රධාන වශයෙන් කොවිඩ් ආසාදිත පොකුරු දෙකක් මේ වන විට වාර්තා වී තිබේ.

ඒ වැලිසර නාවික හමුදා පොකුර හා කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදිත පොකුරයි.

කෙසේ වෙතත් මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සාමාජිකයන් සම්බන්ධයෙන් කරන පී.සී.ආර්. පරීක්ෂණවලින් බොහෝ පිරිසක් කොවිඩ් ආසාදිතයන් බවට පත්වෙමින් පවතී.

මේ දක්වා එම පොකුරට සම්බන්ධව කොවිඩ් ආසාදිතයන් 706ක් වාර්තා වන අතර ඒ අතරින් 605ක්ම වාර්තා වූයේ අද දිනයේදීය.



Recommended Articles