මැලේසියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ක්වාලාලම්පූර් නුවර සිට අද (30දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

මෙම ගුවන් මගීන් අතර එරට රැකියා සදහා ගොස් සිටි පිරිසක් සහ මැලේසියාවේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි සිසුන්ද සිටියේය.

 මෙම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කෙරුණි.

 



Recommended Articles