මැයි 21 සිට 31 දක්වා පැමිණීමේ පර්යන්ත වසයි


මැයි 21 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 වැනිදා මධ්‍යම රාත්‍රිය ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වසා දැමීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.

ඒ අනුව කටුනායක හා මත්තල ගුවන් තොටුපොළවල පැමිණීමේ පර්යන්ත මෙසේ වසා තැබීමට නියමිතය.

පවතින කොවිඩ් අවදානම සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ. විදේශ රටවලින් කොවිඩ් රෝගීන් ශ්‍රී ලංකාවට පැමිණීම වළක්වා ගැනීම මෙහෙි අරමුණයි.

කෙසේ වෙතත් ගුවන් තොටුපොළින් පිටවන මගීන් සඳහා ගුවන් මෙහෙයුම් අඛණ්ඩව සිදුකරයි.



Recommended Articles