මැදපෙරදිග සිටි 349ක් දිවයිනට


මැදපෙරදිග රටවල් දෙකක සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 349 දෙනෙකු අද (01දා)  අලුයම එම රටවල සිට පැමිණි ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

 පළමුවෙන්ම 8/01 දින මධ්‍යම රාත්‍රී 12.00 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් , එරට සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 335 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

 ඉන්පසුව 8/01 දින අලුයම 1.30 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට , එරට වෙළෙඳ නැව් වල සේවය කිරීම සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එමෙන්ම 7/31 දින රාත්‍රී 6.30 ට චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවේ චීන ආයෝජන ව්‍යාපෘති වල සේවය කරන චීන ජාතිකයන් 29 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම සියලු ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව, නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

 

 



Recommended Articles