මැදපෙරදිග සිට ලාංකිකයන් 640ක් දිවයිනට


මැදපෙරදිග රාජ්‍යයන් වන කටාර්, කුවේට් හා එක්සත් අරාබි එමීර් යන රාජ්‍ය වල සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් 640 දෙනෙකු අද (01දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 668 දර ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 59 දෙනෙකු අද අලුයම 1.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

අලුයම 1.45 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 293 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි . මෙම මගීන් පිරිස අතර කුඩා දරුවන් තිදෙනකු ද පැමිණ සිටියහ .

උදෑසන 8.00 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු රැගෙන ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . මෙම ගුවන් මගීන් පිරිස අතර කුඩා දරුවන් තිදෙනකු ද සිටියහ.

මීට අමතරව ශ්‍රී ලංකාවේ චීන ආයෝජන ව්‍යාපෘති වල සේවය කරන චීන ජාතිකයන් 168 දෙනෙකු රැගෙන චීනයේ චෙන්ඩු (Chengdu ) ගුවන් තොටුපළේ සිට 8/31 දින රාත්‍රී 9.21 ට චීන ගුවන් සේවයේ සී.ඒ.- 559 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .



Recommended Articles