මැදපෙරදිග සිට ලාංකකියන් 34ක් දිවයිනට


ශ්‍රී ලංකා රජයෙන් ලබා ගත් විශේෂ අවසරය මත මැදපෙරදිග රටවල සිටි ශ්‍රී ලාංකිකයන් 34 දෙනෙකු අද (10දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ගුවන් යානයෙන් එරට සිටි ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයෙන් එරට සිටි තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 16 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටාර් රාජ්‍යයේ දෝහා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.



Recommended Articles