මැදපෙරදිග සිට 322ක් දිවයිනට


මැදපෙරදිග එක්සත් අරාබි එමීර් සහ කටාර් යන රාජ්‍ය වල සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 322 ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 08 දෙනෙකු අලුයම 1.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 42 දෙනෙකු අලුයම 1.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

යළිත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 272 ක් අලුයම 5.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

 මෙම සියලුම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ .



Recommended Articles