මැතිවරණයට ඉදිරිපත් ව වැටුප් අහිමි වූ රාජ්‍ය සේවකයන්ට වැටුප්


පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන්ට එම මැතිවරණය කල් දැමීම හේතුවෙන් අහිමි වූ වැටුප් ගෙවීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා  පළාත් පාලන අමාත්‍යාංශය වෙත දන්වා තිබේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මැතිවරණය කල් දැමීමට සිදුවූ අතර එය පාලනයෙන් තොර හේතුවක් නිසා මෙසේ එම කාලසීමාව තුළදී අපේක්ෂකයන්ට වැටුප් ගෙවීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීම හේතුවෙන් එම කාලසීමාව තුළම මැතිවරණයට ඉදිරිපත්ව සිටි රාජ්‍ය සේවකයන්ට වැටුප් අහිමිවිය.



Recommended Articles