මැතිවරණය සාමකාමීයි - අවශ්‍ය වුවහොත් ඇඳිරි නීතිය දානවා


2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමීව සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

කිසියම් අවස්ථාවක ඇඳිරි නීතිය පැනවීමට අවශ්‍ය වුවහොත් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරන බවද හෙතෙම අද(21දා) සඳහන් කළේය.

“ආරක්ෂක වැඩපිළිවෙල අපි හොඳට කරගෙන යනවා මුළු රටේම පොලීසියත්, ත්‍රිවිධ හමුදාවත් එකතුවෙලා. ඒ වගේම මේ ඡන්දය ඉතා සාමකාමීව සිදු වෙනවා. මම ඒකට සියලු පොලිස් නිලධාරීන්ටත්, මහජනතාවටත් ස්තූතිවන්ත වෙනවා.

අපි කිසිම ප්‍රචන්ඩත්වයකට ඉඩ තියන්නේ නෑ. අපි උපරිම බලය යොදලා  ඒක නවත්තනවා. අපිට ඇඳිරි නීතිය දාන්න වුණොත් අපි ඇඳිරි නීතියත් දාලා ඒකත් බොහොම තදින් ක්‍රියාත්මක කරනවා. ”



Recommended Articles