මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය මුද්‍රණාලයට


මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය මුදුණය සඳහා රජයේ මුද්‍රණාලයට යොමුකළ බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු  ප්‍රකාශ කළේ මැතිවරණ කොමිෂමේ සාමාජිකයන් තිදෙනාගේ ඒකමතික තීරණයක් අනුව මැතිවරණය අගෝස්තු 05 දා පැවැත්වීමට තීරණය කළ බවත් ඒ අනුව අදාළ ගැසට් නිවේදනයට අත්සන් කර මුද්‍රණාලයට යොමුකළ බවත්ය.



Recommended Articles