මාස තුනක් ඇතුළත වැඩිම ඩෙංගු රෝගීන් ගෙවුණු දින 25 තුළදී


ගෙවී ගිය මාස 03ක කාලය සැලකීමේදී වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය ගෙවුණු දින 25 තුළදී වාර්තා වී තිබෙන අතර, මේ මස 01වන දින සිට 25 වන දින දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් 2,719ක් වාර්තා වී තිබේ.

පසුගිය මැයි මාසයේදී ඩෙංගු රෝගීන් 2,647ක් වාර්තා වී තිබෙන අතර, අප්‍රේල් මාසය තුළදීරෝගීන් 2,234ක් වාර්තා වී තිබේ. මේ අනුව මේ වසරේ ජනවාරි 01වන දින සිට මේ මස 25වන දින කාලයතුළදී ඩෙංගු රෝගීන් 27,639ක් වාර්තා වී ඇත.

මේ වසරේ ජනවාරි 01වන දින සිට මේ මස 25වන දින දක්වා කාලය සැලකීමේදීඩෙංගු රෝගය නිසා පුද්ගල මරණ09ක් සිදුව තිබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

පසුගිය මාර්තු මාසය තුළදී ඩෙංගු රෝගීන් 3,615ක් වාර්තා වී තිබෙන පෙබරවාරි මාසයේදීරෝගීන් 6,007ක් හා ජනවාරි මාසයේදීරෝගීන් 10,417ක් වාර්තා වී තිබෙන අතර,සෞඛ්‍ය වෛද්‍යනිලධාරී කොට්ඨාස බලප්‍රදේශ 13ක ඩෙංගු අධිඅවදානම් මට්ටමින් පැතිර යන බවද සඳහන් කරයි.

මේ වසරේ ගෙවී ගිය කාලය තුළදී වාර්තා වන සමස්ත රෝගීන්ගෙන් 10,383ක් බස්නාහිර පළාත තුළින් වාර්තා වී තිබෙන අතර, එය සමස්ත රෝගීන්ගෙන් ප්‍රතිශතයක් ලෙස 37.6%කි.

දිස්ත්‍රික්ක වශයෙන් සැලකීමේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,155ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන්2,720ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන්1,508ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන්3,965ක් වාර්තා වී තිබෙන අතර, යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන රෝගීන්ගේ ප්‍රමාණය සමස්ත රෝගීන්ගේ ප්‍රතිශතයක් ලෙස 14.3%කි.

මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන්2,159ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රෝගීන්1,226ක්,  පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 739ක්,ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන්1,280ක්,  කෑගල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන්1,182ක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන්1,614කද වාර්තා වී තිබේ.



Recommended Articles