මාවනැල්ලේදී රාජු කලබල වී අයෙක්ට බරපතල තුවාල


මාවනැල්ල නගරයේ පැවති වෙසක් පෙරහරක් අතරතුර ඊට සහභාගි වී සිටි මාලිගාව ඇත්පන්තියට අයත් රාජු නමැති හස්තියාගේ පහරකෑමට ලක්වූ එම හස්තියාගේ ඇත් ගොව්වා බරපතල තුවාල ලබා මවනැල්ල රෝහලට ඇතුළත් කොට තිබේ .

එම හස්තියා පෙරහරට සහභාගි වීමෙන් අනතුරුව මාවනැල්ල නගරයට යාබද විහාරස්ථානයක රඳවා සිටියදී කිසියම් හේතුවක් නිසා කුලප්පු වී ඇත් ගොව්වාට පහර දී ඇති බව මාවනැල්ල පොලිසිය කියයි .

ඇත්ගෝවාට පහර දීමෙන් අනතුරුව රාජු හස්තියා යදම් වලින් මිදී මාවනැල්ල නගරයට පැමිණ ඇති අතර පෙරහර සංවිධායකයන් මහත් පරිශ්‍රමයක් දරා හස්තියා මාවනැල්ල පොල පිහිටි ප්‍රදේශයේදී මෙල්ල කොට බැඳ දැමීමට සමත්ව තිබේ .
යම් හෙයකින් මෙම හස්තියා පෙරහර අතරතුර කලබල වූයේ නම් විශාල හානියක් සිදුවීමට තිබූ බව පොලිසිය කියයි .

 



Recommended Articles