මාලිමාවේ සංගමයක සාමාජිකත්වය ගත් පිරිසකට ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයා පහරදීලා


ජාතික ජන බලවේගයට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සමාජිකත්වය ලබාගත් එකම පවුලේ තිදෙනෙකුට ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවෙකු පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත එම ආධාරකරුවා (22) දින අත්අඩංගුවට ගත් බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක රාජනායක පැවසිය.

නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්ටන් වතුයායේ පදිංචි ලංකා කම්කරු කොන්ග්‍රසයේ හිටපු ආධාරකරුවෙකු ඔහුගේ බිරිද සහ දෙළොස් හැවිරිදි පිරිමි දරුවාට සැකකරු විසින් (22) දින පස්වරුවේ පහර දි තුවාල සිදු කර ඇති බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
පහර කැමෙන් තුවාල ලැබු තිදෙනා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

2025 වසර වෙනුවෙන් වතු වෘත්තිය සමිති වලට සමාජිකයන් බදවා ගැනිමේදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ මෙතෙක් සමාජිකත්වය දැරු විශාල පිරිසක් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සමාජිකත්වය ලබාගෙන ඇති බවත්, පහර දිමෙන් තුවාල ලැබු පිරිමි පුද්ගලයා සහා කාන්තාවද එම සමාජිකත්වය ලබාගැනිම නිසා සැකකරු උරණ වි මෙම පහර දිම සිදු කර ඇති බවයි ජාතික ජන බලවේගයේ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ උපලේකම් සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය කියා සිටියේ.

එම වතුයායේ වතු වෘත්තිය සමිති සමාජිකයන් 40 දෙනෙකුගෙන් 27 දෙනෙකු තම වෘත්තිය සමිති සමාජිකත්වය ලබාගෙන ඇති බවත්, සමස්ත වතුකරයේම වතු වෘත්තිය සමිති වල මෙතෙක් සමාජිකත්වය දැරු 75% ක පමණ වතු කම්කරුවන් පිරිසක් තම වෘත්තිය සමිතියේ සමාජිකත්වය දැරිම නිසා අනෙකුත් වෘත්තිය සමිති වල සමාජිකතයන්ගෙන් තම වෘත්තිය සමිතියට එක් වු සමාජිකතයන්ට විවිධ අයුරින් බලපැම් සහ තර්ජන සිදු කරන බවයි ක්‍රිෂ්ණන කලෙයිචෙල්වි මෙනවිය කියා සිටියේ.

තම වෘත්තිය සමිතියේ සමාජිකත්වය ලබාගත් සමාජිකයන්ට සිදු වන තර්ජන සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මංජුල සුරවිරආරච්චි මහතා සමග එක් වි එසේ බලපැම් සහ තර්ජන සිදු කරන අයට එරෙහිව නිතිමය පියවර ගැනිමට කටයුතු කරන බවයි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය වැඩිදුරටත් කියා සිටියේ. අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

 



Recommended Articles