මාර්තු 9 මැතිවරණය නෑ


මාර්තු 9 වැනිදා පෙර සැලසුම් කළ  පරිදි මැතිවරණය නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි. ඒ අනුව පළාත් පාලන මැතිවරණය පවත්වන නව දිනය කොමිෂම විසින් මාර්තු 3 දා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිෂමේ සාමාජිකයන් පැවැත්වූ රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ.  මේ අතර මැතිවරණය පැවැත්වීම සඳහා මැදිහත්වන ලෙස ඉල්ලමින් කොමිෂම විසින් කථානායකවරයාට ලිපියක් යොමු කිරිමටද තීරණය කර තිබේ.



Recommended Articles