මාත්‍රා තුනම ගත් පිරිස ලක්ෂ 28 ඉක්මවයි


ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අනුව මාත්‍රා තුනම ලබාගත් පිරිස ලක්ෂ 28 ඉක්මවා තිබේ.

වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 2 840 356ක් මේ වන විට තෙවැනි මාත්‍රාවද ලබාගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාවේ බූස්ටර් මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆසියර් එන්නතයි. ඊයේ දිනයේදී පුද්ගලයන් 133148ක් වෙත තෙවැනි මාත්‍රාව ලබාදී තිබුණි.



Recommended Articles