මහින්දට කැමති අය අරලිය මැදුර අසළට කැඳවයි


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම අද දිනයේදි ප්‍රකාශයට පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

මේ අතර ඔහුට ඉල්ලා අස්නොවන ලෙස බලකරමින් අග්‍රාමාත්‍යවරයාට හිතවත් පාර්ශ්ව විසින් ජනතාව අරලිය ගහ මන්දිරය ඉදිරිපිටට රැස්කිරීමේ ව්‍යාපාරයක්ද ආරම්භ කර තිබේ.

'අපි පෙන්වමු අපේ බලය අපේ හයිය' යනුවෙන් මෙසේ ජනතාව එක්රැස් කිරීමට නියමිත අතර ඒ අනුව ඔවුන්ට අද පෙරවරු 9.00ට මෙසේ අරලිය ගහ මන්දිරය ඉදිරිපිටට පැමිණෙන ලෙස දන්වා තිබේ.

 



Recommended Articles