මහින්ද සිටින නිවස අසළ ගොඩනැගිල්ලේ ජලය කැපිම ගැන මණඩලයෙන් පැහැදිලි කිරිමක්


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචි නිල නිවස ආසන්නයේ ආරක්ෂකයින් නැවති සිටි ගොඩනැගිල්ලක ජල සැපයුම විසන්ධි කළ බවත් හිටපු ජනපතිගේ නිල නිවසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බවත් ජාතික ජල සම්පාදන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම ගොඩනැගිල්ලේ සිටි ආරක්ෂකයින් ඔක්තෝබර් මාසයේ සිට ඉන් ඉවත්ව ගොස් ඇති බවත් හිඟ ජල බිල ගෙවන ලෙස දැනුම් දුන් බවද එම නිවේදනයේ දැක්වෙයි.

මෙම ගොඩනැගිල්ලේ ජල බිල ගෙවනු ලැබුවේ ජනපති ලේකම් කාර්යාලයෙන් බවත් එහි හිඟ බිල මේ වන විට රුපියල් 490000ක් බවත් ජල සම්පාදන මණඩලය පවසයි.



Recommended Articles